Thursday, August 14, 2014

ආදරය

බුදු දහමට අනුව අප මේ විශ්වයේ සැරිසරමින් තාවකාලික නවාතැනක් වන මනුශ්‍ය ශරීරයක් ලබා සභාව ධර්මයේ පැවැත්මට නතු වෙමින් අනේක විද කර්ම රැස්කර ගනියි.සියලු සතුන්ගේ ප්‍රජාව වර්ධනය සඳහා සභාවයෙන්ම මෙහෙය වන්නාවූ නාමිකව ආදරය නමින් හඳුන්වන මේ මායාවට සියලු දෙනාම දායක කර්වීමට සභාවයේ ඇති හැකියාව විශ්මිතය.
ආදරයෙන් අන්ද වුවන් තම ජීවිත පරදුවට තබා ආදරය කරවන්නේ මේ සභාවයේ ඇති පැවැත්ම වැඩිකරලීමේ එක්තරා කූට ක්‍රමයක් බවයි මගේ විශ්වාසය.
මක්නිසාද යත් මොවුන් ආදරය වෙනුවෙන් දිවි පුදද්දී මිනිස් ජීවිතයක ඇති වටිනා කම අසා ඇතත් එයවත් හරි හැටි තේරුම් නොගෙන ක්‍රියා කරන හැටි හරිම අපූරුයි.
ඇත්තටම මෙය  මායාවකි.අපට ඉහලට නගින්න කෙතරම් අමාරු උවත් ඉහලක සිට පහලට එන්න එතරම් අපහසු තාවයක් නොදැනේ.ජීවිතයත් එයම යැයි මට හැඟේ.

සියලු සතුන්ට කුසල අකුසල කර්ම පොදු උවත් එය තේරුම්  ගැනීමට දුර්ලභ ඌ මනුසත් භාවය ලැබුවද බුද්ධ ධර්මයේ ආශ්‍ර්‍යද තිබිය යුතුය.මේ දේවල් එකින් එක ගනිද්දී මේ සියල්ල සම්පුර්ණ වීමම අති දුර්ලභය.මේ සියල්ල සම්පුර්න වී ඇතත් මෙයින් ප්‍රයෝජනය ගන්නේ කීයෙන් කීදෙනාද? මේ ප්‍රයෝජන නොගැනීම පවද නැත්නම් සිතේ පවතින දුර්වල සභාවයද?

බුදු දහමට අනුව මනුෂ්‍ය ජීවිතයක් ලැබීම කන කැස්බෑවෙක් විය සිදුරකින් අහස දෙස බැලිම ටත් වඩා දුර්ලභය.එසේනම් ආදරය නැමැති මායාවෙන් දෑස වෙලාගෙන මේ අභියෝගයට ලක් කරගන්නේ  තමාගේම ආද්‍යාත්මික ජීවිතය නොවේද.මේවයින් විඳවන්නේ තමාම නොවේද?

Wednesday, June 25, 2014

ආදරය

අප ආදරය කල යුතුවන්නේ කෙසේද